29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් රථයකට යට වී අයෙක් ජීවිතක්ෂයට

බස් රථයකට යට වී අයෙක් ජීවිතක්ෂයට

පොල්ගහවෙල ඉන්ධනහල අසළදී බස් රථයකින් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 56ක කැන්දගොල්ල, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ අලව්ව දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයේ ගමන් කළ මගියෙකු බස් රථයෙන් බැසීමට යාමේදී ඉන් ඇද වැටී බස් රථයේ රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

බස් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.