― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News'මිජවුම්' තමිල්නාඩුව කලඹයි - දින 03ක නිවාඩුවක්

‘මිජවුම්’ තමිල්නාඩුව කලඹයි – දින 03ක නිවාඩුවක්

අද (04) සිට දින තුනක් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජයේ තීරණය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ උතුරු තමිල්නාඩුව දෙසට මේ වනවිට ගමන් කරමින් සිටින ‘මිජවුම්’ සුළි කුණාටුව හේතුවෙන් මෙලෙස නිවාඩු ලබා දී ඇති බවයි.

මේ හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තය තුළ දුම්රිය ගමන් සේවා රැසක් ද නවතා දමා ඇති අතර පුද්ගලික සමාගම්ද සිය සේවකයින්ට දැනුම් දී ඇත්තේ නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙසටයි.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ චෙන්නායි ගුවන්තොටුපොළද ජලයෙන් යට වී ඇති ආකාරය ඉන්දීය මධ්‍ය අද (04) උදෑසන වාර්තා කර තිබුණා.

මේ හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

චෙන්නායි හි බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර පහත් බිම් ප්‍රදේශ දැඩි ලෙස ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. ඇදහැලුණු අධික වර්ෂාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා වෙරළබඩ දිස්ත්‍රික්කවල සහන මධ්‍යස්ථාන 5,000 කට ආසන්න ප්‍රමාණයක් බලධාරීන් විසින් මේ වනවිටත් පිහිටුවා තිබෙනවා.

‘මිජවුම්’ සුළි කුණාටුව හෙට (05) දහවල් නෙල්ලෝර් සහ මචිලිපට්නම් අතර ගොඩබිමට කඩා වැදීමට නියමිත බවයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.