27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට විවාහ වූ අයගේ දික්කසාදය ගැන විශේෂ තීන්දුවක්

මෙරට විවාහ වූ අයගේ දික්කසාදය ගැන විශේෂ තීන්දුවක්

මෙරට විවාහ වූ අයගේ දික්කසාද ගැන අභියාචනාධිකරණයෙන් විශේෂ තීන්දුවක් දී තිබෙනවා.

ඒ අනුව අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ මෙරට විවාහ වූ යුවළක් විදෙස් රටකදී දික්කසාද වූ විට අදාළ දික්කසාදය මෙරට නීතිය යටතේද වලංගු ලෙස පිළිගන්නා බවයි.

එංගලන්තයේ අධිකරණයකදී දික්කසාද වූ යුවළකගේ දික්කසාදය පිළිගන්නා ලෙස විවාහ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසට පුද්ගලයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

ඒ අනුව විදේශීය අධිකරණයකදී දික්කසාදය ලබා ගත් යුවළක් නැවතත් මෙරට දිස්ත්‍රික් අධිකරණයකදී දික්කසාදය ලබා ගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව මඟින් වෙනස් වනු ඇති.