― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයුද හමුදා සෙබළුන් දෙදෙනෙක් සියදිවි නසාගෙන

යුද හමුදා සෙබළුන් දෙදෙනෙක් සියදිවි නසාගෙන

ගම්පොළ ප්‍රදේශයේ යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් සියදිවි හානි කරගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මොවුන් දෙදෙනාම පසුගිය 01 වැනිදා මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවයි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 21 හැවිරිදි සහ 42 හැවිරිදි වියේ පසු වූ යුද හමුදා සෙබළුන් දෙදෙනෙක්.

යුද හමුදා ඉංජිනේරු බලකා පල්ලේකැලේ කඳවුරේ රාජකාරි කටයුතු කළ ගම්පොළ, උනම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයා ඔහු සමඟ සේවය කරන අනෙකුත් සාමාජිකයින්ගෙන් එල්ල වූ බලපෑම් දරාගත නොහැකිව නිවස තුළ දී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

හමුදා කඳවුරේ ඇතැම් සෙබළුන් මොහුගෙන් නිරන්තරයෙන් මුදල් ඉල්ලා සිදුකරන බලපෑම් හේතුවෙන් එම මුදල් සොයාදීම සඳහා මවගේ රන් භාණ්ඩ පවා උකස් කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මේ අතර ගම්පොළ, පල්ලේදෙල්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි වියේ පසු වූ යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වයෙක්ද පසුගිය 01 වැනිදා සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම හමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දෙදරු පියෙකු වූ ඔහු බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් මත පළමුවනදා අලුයම් කාලයේ නිවෙස තුළ එල්ලී මියගොස් ඇති බවයි ගලහා පොලිසිය සඳහන් කළේ.