26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි පාරිභෝගිකයින් ලක්ෂ 7කට රතු නිවේදන

විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 7කට රතු නිවේදන

විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 7කට පමණ රතු නිවේදන නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වන විට රටේ මුළු ජනගහනයෙන් ලක්ෂ 70කට වැඩි ප්‍රමාණයක් විදුලි පාරිභෝගිකයින් වන අතර ඉන් සියයට 10කට වැඩි පිරිසකට විදුලි බිල නොගෙවීම සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර ඇත.

කෙසේනමුත් සමස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් ලක්ෂ 65කට අධික පිරිසක් නියමිත පරිදි විදුලි බිල්පත් ගෙවමින් සිටින බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

මෙලෙස රතු බිල් නිකුත් කළ විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලෙස හිඟ ගාස්තු ගෙවීමට දින 45ක කාලයක් ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරනවා.