27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරිදා දේව මෙහෙයට නොපැමිණි දැරියකට අපූරු දඬුවමක්

ඉරිදා දේව මෙහෙයට නොපැමිණි දැරියකට අපූරු දඬුවමක්

ඉරිදා දේව මෙහෙයට නොපැමිණීම හේතුවෙන් චාවකච්චේරි ප්‍රදේශයේ දේවස්ථානයක පියතුමෙක් දැරියකට පහර දීමේ පුවතක් වාර්තා වනවා.

පහර කෑමට ලක්වූ දැරිය චාවකච්චේරි රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොඩිකාමම් පොලිස් වසමට අයත් දේවස්ථානයක පියතුමෙක් විසිනුයි මෙලෙස දැරියට පහර දී ඇත්තේ.

දැරියගේ පියා කතෝලිකයෙකු වන අතර ඇයගේ මව හින්දු භක්තිකයෙකු බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් පහර කෑමට ලක් වූ දැරිය නිතිපතා පල්ලි නොයන අතර ඇතැම් අවස්ථාවලදී තම පියා සමඟ පල්ලි යාම පුරුද්දක් කරගෙන තිබේ.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ ඇය දේවස්ථානයට නොපැමිණි බැවින් පියතුමා විසින් දැරිය කැඳවා පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ දැරිය චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙනවා. දැරිය අද වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.