27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරේ පාසල් 11ක් කලින් වැසෙයි

උතුරේ පාසල් 11ක් කලින් වැසෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්බද පාසල් 11ක දරුවන් ඊයේ (04) වේලාසන නිවෙස්වලට යවා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.

අධික වර්ෂාව නිසා පංති කාමරවලට ජලය ගලාගෙන ඒම හා මාර්ගවල ගමන් කිරීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එසේම පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරේ පාසල්වලට අද (05) ගුරුවරුන් සහ සිසුන් විශාල පිරිසක් පැමිණ නොසිටි බවයි වාර්තා වන්නේ.