27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔක්තෝබරයේ අස්වැසුම මුදල් ගෙවීම අද සිට

ඔක්තෝබරයේ අස්වැසුම මුදල් ගෙවීම අද සිට

අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,406,932ක් සඳහා ඔත්කෝබර් මාසයට අදාළ මුදල් අද (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

ඒ සඳහා වන අවශ්‍ය රුපියල් මිලියන 8,775ක මුදල ඊයේ (04) බැංකු වෙත ලබාදුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී සංක්‍රාන්තික කාණ්ඩය යටතේ පවුල් 209,225කට, අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ පවුල් 290,070කට, දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 605,379කට සහ අන්ත දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 302,258කට මෙවර ප්‍රතිලාභ හිමිවනු ඇති.

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරාගන්නා ප්‍රතිලාභීන්ට ජුලි මාසයේ සිට හිමිවිය යුතු ප්‍රතිලාභ මුදල් ගෙවීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.