27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම දියණිය අඹුකමට ගත් පියාට සිර දඬුවමක්

තම දියණිය අඹුකමට ගත් පියාට සිර දඬුවමක්

තම දියණිය සමග ලිංගිකව එකතු වී ඇයව මවක් කළ වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පියෙකුට බරපතල වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා විසිනුයි ඊයේ (04) මෙම දඬුවම නියම කර ඇත්තේ.

එමෙන්ම අපයෝජනයට ලක්වූ දියණියට රුපියල් ලක්ෂ 06ක මුදලක් වන්දි ගෙවීමටද විනිසුරුවරයා නියම කර තිබෙනවා.

අදාළ දැරියගේ මව විදේශගතව සිටියදී පියා විසින් තම 14 හැවිරිදි දැරිය අඹුකමට ගෙන විටින් විට බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පළමුව 2013 ජූනි මස 14 වැනිදා ඔහු විසින් ඇයව බලහත්කාරයෙන් දූෂණය කර ඇති අතර 2015 වසරේදී මෙම දැරිය විසින් පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

ඉන්පසුව මෙම සිද්ධිය හෙළි වීම හේතුවෙන් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඇයට ලැබුණු දරුවාගේ හා පියාගේ DNA සාම්පලවලින් මෙම අපරාධය සැක හැර ඔප්පු වීම හේතුවෙනුයි විත්තිකරුට මෙම දඩුවම නියම කර ඇත්තේ.