32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනානුඔය මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට අනතුරු ඇඟවීමක්

නානුඔය මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට අනතුරු ඇඟවීමක්

නුවරඑළිය – හැටන් A 7 ප්‍රධාන මාර්ගයේ නානුඔය හන්දිය ආසන්නයේ මාර්ගයේ කොටසක් කැඩී යෑම හේතුවෙන් ඒ දෙසට වාහන තදබදයක් පවතින බව නානුඔය පොලිසිය පවසයි.

අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ මීට වසර කිහිපයකට පෙර සිටම එම මාර්ගයේ කුඩා පැලීම් දක්නට ලැබුණ නමුත් ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමු නොකිරීම නිසා මේ වනවිට මාර්ගයේ විශාල කොටසක් කැඩී ගොස් තිබේ.

මේ වනවිට එම ප්‍රදේශයේ එක් පැත්තක රථවාහන තදබදයක් පවතින බැවින් ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙසයි නානුඔය රථවාහන පොලිසිය රියදුරන්ට දැනුම් දෙනු ලබන්නේ.

එබැවින් එම ස්ථානයේ අනතුරක් සිදු වීමට පෙර අදාළ බලධාරීන් නිසි පියවර ගත යුතු බව රියදුරන් සහ සාමාන්‍ය ජනතාව ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවේදී මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරීන් පවසා ඇත්තේ එම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බවයි.