23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලිසියෙන් හෙරොයින් කියා එවූ මත්ද්‍රව්‍ය සාම්පලවල පාන් පිටි

පොලිසියෙන් හෙරොයින් කියා එවූ මත්ද්‍රව්‍ය සාම්පලවල පාන් පිටි

පොලිසිය විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මස 08 වැනිදා දක්වා වූ කාලයේදී මත්ද්‍රව්‍ය යැයි පවසා පරීක්ෂණ කටයුතු සඳහා යොමුකර තිබූ සාම්පල 790කම අඩංගු වූයේ පාන්පිටි හෝ පැරසිටමෝල් කුඩු බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පැවසීය.

ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඇමැතිවරයා මේ බව සඳහන් කළේ.

මෙය පොලිසිය විසින් නීතිය අවභාවිත කිරීමක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මස 08 වැනිදා දක්වා වූ කාලය තුළදී හෙරොයින් යැයි පවසා පොලිසිය එවන ලද සාම්පල 7,351 අතුරින්, සාම්පල සියයට 9.5ක කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගු නොවූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

වැල්ලම්පිටිය පොලිසිය විසින් හෙරොයින් යැයි පවසා කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගු නොමැති සාම්පල වැඩි ප්‍රමාණයක් යොමුකර තිබුණේ බවත්, එම පොලිස් ස්ථානයෙන් සාම්පල 67 ක්ද, කඩුවෙල පොලිස් ස්ථානයෙන් සාම්පල 40 ක්ද, මරදාන පොලිස් ස්ථානයෙන් 35 ක්ද, පෑලියගොඩ පොලිස් ස්ථානයෙන් 28 ක්ද, මෝදර පොලිස් ස්ථානයෙන් 24 ක්ද යනාදී ලෙස කිසිදු මත්ද්‍රව්‍යයක් නොමැති සාම්පල යොමුකර තිබූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සාම්පල පරීක්ෂණ සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ අතර මෙලෙස වැරදි ආකාරයෙන් කටයුතු කළහොත් පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී ලබාදෙන ලකුණු අඩු කරන බවට පොලිස් මූලස්ථානයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් පසුගිය කාලයේදී යවා තිබුණද, පරීක්ෂණ සඳහා ව්‍යාජ සාම්පල යොමු කරන ප්‍රමාණය වැඩිවී තිබෙනවා මිස අඩුවීමක් සිදුවී නැතැයිද ඇමැතිවරයා කීවේය.