28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමරදාන දුම්රිය ස්ථානයේ වහලයෙන් වැටී අයෙක් රෝහලේ

මරදාන දුම්රිය ස්ථානයේ වහලයෙන් වැටී අයෙක් රෝහලේ

අද (05) උදෑසන මරදාන දුම්රිය ස්ථානයේ වහලයෙන් පුද්ගලයෙක් වැටී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (05) උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත ඇවිදීමට තැත්කළ පුද්ගලයෙකු මෙලෙස ඉන් බිමට වැටී ඇති බවයි.

ඔහුට වහලෙන් බහින ලෙස මරදාන පොලීසියේ හා මරදාන දුම්රිය ස්ථානයේ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම පැවසුවද එය අසාර්ථක වී ඇති අතර හදිසියේම ඔහු වහලය මතින් ඇවිදමින් සිටියදී ෂීට් එකක් කඩාගෙන ඔහු වේදිකාවට ඇද වැටී තිබෙනවා.

බිමට වැටුණු ඔහුගේ හිසට තුවාල සිදු වීම හේතුවෙන් ඔහු කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.