― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමෙරට එකලස් කරන ඉලෙක්ට්‍රික් බස් ලබන වසරේ ධාවනයට

මෙරට එකලස් කරන ඉලෙක්ට්‍රික් බස් ලබන වසරේ ධාවනයට

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්ට්‍රික් බස් රථ එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මූලික අදියරේදී බස් රථ 5 ක් මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බවයි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පවසන්නේ.

දේශීය ශ්‍රමිකයන්ගේ සහභාගීත්වයෙන් සහ දේශීය අගය එකතු කිරීම් සහිතව එකලස් වන මෙම බස් රථයකට, එක් ආරෝපණයකින් කි.මී. 300 ක දුරක් ධාවනය කිරීමට හැකියාව පවතී.