26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට දරුවන්ට වයස 21දී උපාධියක්

මෙරට දරුවන්ට වයස 21දී උපාධියක්

යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් මෙරට දරුවන්ට අවුරුදු 18 වනවිට විශ්ව විද්‍යාලයට යෑමට වාසනාව හිමිවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ කාරක සභා විවාදයට එක්වෙමිනි.

ඒ අනුව මෙරට සිසු සිසුවියන්ට වයස අවුරුදු 21 වනවිට විශ්වවිද්‍යාල උපාධියක් හිමිකර ගැනීමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ අපොස සාමාන්‍ය පෙළ, සහ ශිෂ්‍යත්ව විභාග සඳහා ද වෙනස්කම් යෝජනා කර ඇති බවයි.