28 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලයිට් කපන්න ගිය ලංවිම සේවකයින් දෙදෙනෙකුට ප්‍රහාරයක්

ලයිට් කපන්න ගිය ලංවිම සේවකයින් දෙදෙනෙකුට ප්‍රහාරයක්

විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට ගම්පහ නගරයේදී පහර දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ පහරකෑමෙන් තුවාල ලැබූ ලංවිම සේවකයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඊයේ (04) පස්වරුවේ ගම්පහ නගරයේ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය අවස්ථාවේදීයි මෙම පහරදීම සිදුවී ඇත්තේ.

මෙමෙ සේවකයින්ට පහරදීම සිදුකළ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.