31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවසර තුනහමාරකට පසුව වැඩිම සංචාරකයන් නොවැම්බරයේ

වසර තුනහමාරකට පසුව වැඩිම සංචාරකයන් නොවැම්බරයේ

මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරකයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ගෙවී ගිය නොවැම්බර් මාසයේ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස විදේශ සංචාරකයන් එක්ලක්‍ෂ පනස් එක්දහස් හාරසිය අනූහයක් (151,496) මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මසක් ඇතුළත වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ වසර තුනහමාරට අධික කාලයකට පසුව වීම විශේෂත්වයකි.

2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ.

මෙම වසරේ ගතවූ මාස 11 තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 13 කට ආසන්න සංඛ්‍යාවක් (1,276,951) මෙරටට පැමිණ තිබෙනවා.