33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසර තුනහමාරකට පසුව වැඩිම සංචාරකයන් නොවැම්බරයේ

වසර තුනහමාරකට පසුව වැඩිම සංචාරකයන් නොවැම්බරයේ

මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරකයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ගෙවී ගිය නොවැම්බර් මාසයේ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස විදේශ සංචාරකයන් එක්ලක්‍ෂ පනස් එක්දහස් හාරසිය අනූහයක් (151,496) මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මසක් ඇතුළත වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ වසර තුනහමාරට අධික කාලයකට පසුව වීම විශේෂත්වයකි.

2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ.

මෙම වසරේ ගතවූ මාස 11 තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 13 කට ආසන්න සංඛ්‍යාවක් (1,276,951) මෙරටට පැමිණ තිබෙනවා.