― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා තරුණියක් අල්ලයි

ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා තරුණියක් අල්ලයි

බම්බලපිටිය, ලෝරිස් පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය නොවැම්බර් මස 27 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසු වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

දේශීය හා විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවා ගෙන මාර්ග ගත ක්‍රමය ඔස්සේ වැඩමුළු පවත්වමින් මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබෙනවා.

නීත‍යානුකූල අනුමැතියකින් තොරව අධ්‍යාපනය ලබාදීමෙන් පසු එම ආයතනය මඟින් ව්‍යාජ ඩිප්ලෝමා සහතික නිකුත් කර ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

මෙහිදී එක් ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා පාඨමාලාවේ වර්ගය අනුව රුපියල් 100,000ක සිට රුපියල් 445,000 දක්වා මුදල් අයකරගෙන ඇති බව සඳහන්. මෙලෙස වංචා සහගත ලෙස මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් පැමිණිලි 43ක් ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වුව ද එම කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමකින් තොරව මෙම ආයතනය අනවසරයෙන් ව්‍යාජව පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකාරිය එම ආයතනයේ අධ්‍යකෂවරිය ලෙස කටයුතු කර ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම වංචාවලට හසු වූ පුද්ගලයින් 1,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ආයතනය මඟින් විවිධ විද්‍යුත් මාධ්‍යයන් උපයෝගි කර ගනිමින් රැකියා අවස්ථා ලබාදීමට, උසස් අධ්‍යාපනයට දැන්වීම් පළකරමින් තවදුරටත් මුදල් එකතු කිරීමේ කටයුතු නිරතවන බවට ද වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ව්‍යාජ ආයතනයේ සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.