22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පසුගිය ශිෂ්‍යත්ව විභාගය අවසානයේ සිසුන් 99%ක්ම හඬා වැටුන බවත් දරුවන් මෙන්ම දෙමාපියන්ද ප්‍රශ්න පත්‍රය දරුවන්ට ලිවීමට අපහසු බවට චෝදනා කළ බවත්ය.

ඒ අනුව ලොව දියුණු රටවල පවතින ආකාරයට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු විභාගයක් බවයි මෛත්‍රීපාල සිරිසේන අවදාරණය කළේ.