― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසාදය අතරතුර පහර දී අයෙක් ඝාතනය කරලා

සාදය අතරතුර පහර දී අයෙක් ඝාතනය කරලා

ජා ඇල ප්‍රදේශයේ හෝටලයක ඊයේ (04) රාත්‍රියේ පැවති සාදයක් අතරතුර ඇති වූ බහින් බස්වීමකදී පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ජා ඇල, තුම්පෑලිය ප්‍රදේශයේ වයස අවුරුදු 34ක පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා සාදය අතර තුර තවත් පුද්ගලයෙකු සමඟ ඇති කරගත් බහින් බස්වීමක් දුරදිග ගොස් එම පුද්ගලයා විසින් මොහුට පහර දී පිහිනුම් තටාකයට තල්ලු කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට පළාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට මීගමුව රෝහලේ තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.