― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsචණ්ඩියෙක් වූ 'මිජවුම්' ජීවිත රැසක් බිලි ගනී

චණ්ඩියෙක් වූ ‘මිජවුම්’ ජීවිත රැසක් බිලි ගනී

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ බාපට්ලා වෙරළ තීරයට කඩා වැදුණු ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට ජීවිත අහිමි වූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව ගොඩබිමට කඩාවැදීම මේ වන විට අවසන්ව ඇති අතර එය උතුරු දෙසට ගමන් කර සුළි කුණාටුවක් දක්වා දුර්වලවීමට ඉඩ පවතින බවයි.

මේ අතර ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සහ අවට නගරවල අයහපත් කාලගුණික තත්ත්වය බ්‍රහස්පතින්දා දක්වා පවතිනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙනවා.

2021 සැප්තැම්බරයේ ආ ‘ගුලාබ්’ සුළි කුණාටුවෙන් පසු ඉන්දීය වෙරළ තරණය කළ පළමු සුළි කුණාටු පද්ධතිය මෙය බවයි එරට කාලගුණ අංශ පවසන්නේ.

ආරක්ෂිත පානීය ජලය, ආහාර, විදුලිය සහ සම්බන්ධතා නොමැතිව අවතැන්ව සිටින ලක්ෂ ගණනක් පදිංචිකරුවන් වෙත ළඟා වීමට ගලවාගැනීමේ සහ සහන සේවකයින් මේ වනවිටත් කටයුතු කරන බවයි වාර්තා වුණේ.

මේ අතර 61,000 කට වැඩි පිරිසක් රජය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ චෙන්නායි හි පානීය ජල හිඟයක් ද ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් බෝතල් කළ පානිය ජලයේ මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර, රුපියල් 40ට අලෙවි කළ ලීටර් 10 ප්‍රමාණයේ වතුර කෑන් එකක් මේ වනවිට රුපියල් 60 – 70 අතර මුදලකට අලෙවි වන බවයි වාර්තා වුණේ.