22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙමාපියන්ගේ බැනුම් දරාගත නොහැකිව දැරියක් සියදිවි නසාගනී

දෙමාපියන්ගේ බැනුම් දරාගත නොහැකිව දැරියක් සියදිවි නසාගනී

සාමාන්‍ය පෙළ විභාගයෙන් අඩු ප්‍රතිඵල ලැබූ සිසුවියක් දෙමාපියන්ගේ දෝෂාරෝපණ දරාගත නොහැකිව සියදිවි නසාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ අරාලි නැඟෙනහිර වලෙයි අම්මාන් වීදියේ පදිංචි 17 හැවිරිදි දැරියක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම දැරිය ඊයේ (05) සිය නිවසේදීයි ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ.

දැරියගේ මෘත දේහය යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඉන් අනතුරුව දේහය ඥාතීන් වෙත බාර දී ඇති බවයි.