27.2 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙහිවල ගොඩනැගිල්ලකින් අත් බෝම්බයක් හමුවෙයි

දෙහිවල ගොඩනැගිල්ලකින් අත් බෝම්බයක් හමුවෙයි

දෙහිවල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක තිබී අද (06) උදෑසන අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ දෙහිවල පොලිස් වසමේ අංක 124, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල ලිපිනයේ අඩක් ඉදිකර අතහැර දමා ඇති මහල් 11කින් සමන්විත ගොඩනැගිල්ලේ 05 වැනි මහලේ තිබී මෙම අත්බෝම්බය හමු වූ බවයි.

ගොඩනැගිල්ලේ 5 වැනි මහලේ නිල් පැහැති පොලිතින් බෑගයක බහාලන ලද අත්බෝම්බයක් වැනි යමක් ඇති බවට එහි ආරක්ෂක නිලධාරියා දැක ඇති අතර ඔහු ඒ බව පොලීසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව පොලීසිය විසින් එම ස්ථානයට පැමිණ බැලීමේදී එය අත් බෝම්බයක් බව තහවුරු වී ඇත.

වහාම ක්‍රියාත්මක වූ දෙහිවල පොලිස් ස්ථානය විසින් බෝම්බ නිෂ්ක්‍රීය අංශය දැනුවත් කිරීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය අත් බෝම්බය රැගෙන ගිය බවයි පොලීසිය පවසන්නේ.