26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනයිජීරියානු හමුදා ප්‍රහාරයකින් සිවිල් වැසියන් 85ක් මරුට

නයිජීරියානු හමුදා ප්‍රහාරයකින් සිවිල් වැසියන් 85ක් මරුට

නයිජීරියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් අත්වැරදීමකින් එරට උතුරුදිග කඩුනා ගම්මානයට එල්ල වීම හේතුවෙන් සිවිල් වැසියන් 85 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරය අත්වැරදීමකින් එල්ල කළ බව නයිජීරියානු හමුදාවද පිළිගෙන ඇති බවයි.

අවිගත් කල්ලිවල ක්‍රියාකාරකම් බහුල කලාපයක් ලෙස සැලකෙන මෙම කලාපය නිතරම ගුවන් ප්‍රහාරවලට ඉලක්ක බවට පත්වන අතර මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේනමුත් එරට ජනාධිපති බෝලා ටිනුබූ නියෝග කර ඇත්තේ අදාළ ප්‍රහාරය සිදුවූ ආකාරය සොයා විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.