31.7 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාගරික නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීම පෙබරවාරියේ

නාගරික නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීම පෙබරවාරියේ

නාගරික නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර ලබන පෙබරවාරි මාසයේ සිදු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

මේ යටතේ කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට පවරනු ඇති.

එවැනි නිවාස 52000 ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඉන් 50% ක ඔප්පු ප්‍රදානය පළමු අදියරේදී සිදු කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.