27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ ශීඝ්‍ර අඩුවීමක්

පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ ශීඝ්‍ර අඩුවීමක්

මෙරට පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව වසරකට 50,000කින් පමණ අඩු වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීයි ඇමැතිවරයා මේ බව සඳහන් කළේ.

රටෙහි උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.

මේ වන විට උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව තුන්ලක්‍ෂ හතළිස්දහසේ සිට දෙලක්‍ෂ අනූදෙදහස දක්වා පනස්දහසකින් පමණ අඩු වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දැන් අපේ රටේ උපත් වේගය අඩුවෙලා. අවුරුදු 05 සම්පූර්ණ කරලා දැන් පාසලට ඇතුළත් වෙන්නේ දරුවන් දෙලක්‍ෂ අනූදෙදාහයි. මීට අවුරුදු 10කට කලින් දරුවන් තුන්ලක්‍ෂ හතළිස්දහසක් පාසල් ගත වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ගත්තත් දරු උපත්වල අඩුවීමක් තිබෙනවා.