― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපොලිතින් කැවූ විදුහල්පති ඉල්ලා දෙමාපියන් උද්ඝෝෂණයක්

පොලිතින් කැවූ විදුහල්පති ඉල්ලා දෙමාපියන් උද්ඝෝෂණයක්

පාසල් ළමුන් පිරිසකට පොලිතින් කැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කර ඇති විදුහල්පතිවරයා පාසල වෙත යළිත් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වුණා.

දෙමව්පියන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (06) පෙරවරුවේ එම උද්ඝෝෂණය පැවැත් වුණේ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලය ඉදිරිපිටයි.

එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පාසලට රැගෙන ඒමට තහනම් කර තිබූ පොලිතින්වල ආහාර ඔතා රැගෙනවිත් අනුභව කර, පොලිතින් නිවසට රැගෙන යාමට බෑගය තුළ දමාගෙන තිබිය දී පසුගිය මස 22 වනදා පාසලේ හිටපු විදුහල්පති ජානක ජයවර්ධනට හසුව තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම විදුහල්පතිවරයා පාසලට පොලිතින් රැගෙන ආ සිසුන් පිරිසට දඬුවමක් ලෙස එම පොලිතින් අනුභව කරන ලෙස නියෝග කර ඇති බවයි අනාවරණය වුණේ.

එහිදී එම පොලිතින් අනුභව කිරීමෙන් අනතුරුව සිසුන් පස්දෙනෙක් රෝගාතුරව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුන්ගේ දෙමව්පියන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි කටයුතු කළේ.

අනතුරුව සැකකාර විදුහල්පතිවරයා මේ මස (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කෙරුණු අතර පසුව එම විදුහල්පතිවරයා ඇප මත මුදාහැරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් ඔහුව ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කිරීමට ද අධ්‍යාපන බලධාරීන් කටයුතු කරනු ලැබුවා. ඒ අනුව අද දිනයේ උද්ගෝෂණයේ නිරත දෙමාපියන් ඉල්ලා සිටියේ දැනට තාවකාලිකව ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති හිටපු විදුහල්පතිවරයා යළි එම පාසලට යොමුකරන ලෙසටයි.

උද්ඝෝෂණයේ නිරතව දෙමව්පියන් වැඩිදුරටත් සඳහන් කළේ විදුහල්පතිවරයා පාසලේ විනය පවත්වාගෙන යෑමට කැප වූ බවත්, පාසලේ අධ්‍යාපන මට්ටම ද ඉහළ දැමීමට කටයුතු කළ අයෙක් බවයි.

විදුහල්පතිවරයා සිසුන්ට පොලිතින් අනුභව කිරීමට නියෝග කළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක වනවා.