30 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථ රියදුරෙකුට වසර 12ක සිර දඬුවම්

බස් රථ රියදුරෙකුට වසර 12ක සිර දඬුවම්

පෞද්ගලික බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඩුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.

අපරික්ෂාකාරීව හා අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදු කර පුද්ගලයන් තුන් දෙනෙකු මරණයට පත් කිරීම සහ තවත් පිරිසකට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු වීම හේතුවෙනුයි මොහුට මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ.

මීට අදාළ නඩුව අද කොළඹ මහධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී බස් රථයේ හිමිකරුට ද මාස 15ක සිර දඬුවම් නියම කළ අතර එය ක්‍රියාත්මක කිරීම වසර 15කට අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.