26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්තල ගුවන්තොටුපොළ පෞද්ගලික සමාගමකට පැවරීමේ තීරණයක්

මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලික සමාගමකට පැවරීමේ තීරණයක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් රුසියා ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදි එම සමාගම සමග ගිවිසුමකට එළඹීමට නියමිතයි.

මේ යටතේ මත්තල ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් අදාළ සමාගම විසින් සිදු කරනු ඇති.

එහි සේවයට යොදවා ඇති ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම ද එම සමාගම විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ලැබෙන අදායමෙන් කොටසක් රජයට හිමිවන බවයි ලේකම්වරයා පවසන්නේ.