28.4 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්‍රේන යුද්ධයෙන් ශ්‍රී ලාංකික සෙබළුන් තිදෙනෙක් ජීවිතක්ෂයට

යුක්‍රේන යුද්ධයෙන් ශ්‍රී ලාංකික සෙබළුන් තිදෙනෙක් ජීවිතක්ෂයට

රුසියානු හමුදා ප්‍රහාරයකින්, යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියානු හමුදා විසින් පෙරේදා (04) යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරන ලද ප්‍රහාරයකදී ඔවුන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කපිතාන් රනිෂ් හේවගේ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යානුකූල ලෙස ඉවත්ව යුක්‍රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස 2022 වසරේ මාර්තු මාසයේදී සේවයට බැඳී තිබේ.

රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී ඒ මහතා පෙරමුණේ දැක්වූ වීරත්වය හේතුවෙන් එරට ජනාධිපති විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රදානය කර ඇත.

රුසියානු රජයේ හමුදාවන් විසින් ‘කළු හතුරා’ ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ නම්කර තිබී ඇත.