27.8 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහලේ බැම්මක් කඩා වැටී අයෙක් ජීවිතක්ෂයට

රෝහලේ බැම්මක් කඩා වැටී අයෙක් ජීවිතක්ෂයට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදිකිරීමේ නිරතව සිටි පුද්ගලයෙකුගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් අද (06) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පරණපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්.

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්ම ඉවත්කර නව බැම්මක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.