27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවගා හානි ගොවීන්ට වන්දි මුදල් ගෙවීම ඇරඹේ

වගා හානි ගොවීන්ට වන්දි මුදල් ගෙවීම ඇරඹේ

දිවයිනට බලපෑ දරුණු නියඟය හේතුවෙන් යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ මේ වනවිට වගා හානි වන්දි සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 550ක් බවයි.

වලව කලාපයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා අවශ්‍ය සියලු මුදල් මේ වනවිට වෙන් කර ඇති අතර මෙම මාසය අවසන් වනවිට වගා හානි සිදුවූ රටේ සියලු ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය කර අවසන් කරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ.