27.2 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් කතකට අතවර කළ භික්ෂුවක් අත්අඩංගුවට

විදෙස් කතකට අතවර කළ භික්ෂුවක් අත්අඩංගුවට

හපුතලේ විහාරථානයකදී පෝලන්ත ජාතින කාන්තාවක් දූෂණය කිරීමට උත්සාහ කළ බවට සැකපිට 17 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක් වූ මෙම කාන්තාව පොලීසිය හමුවේ පවසා ඇත්තේ හපුතලේ – වැලිමඩ මාර්ගයේ පිහිටි විහාරස්ථානයකට තමා ගිය බවත් එහිදීඉ අදාළ භික්ෂුව විසින් තමාට අතවර කළ බවත්ය.

ඒ අනුවයි සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහනගේ උපදෙස් මත හපුතල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හපුතලේ පොලීසිය පැවසුවේය.