ලෝකයේ හොඳම සංචාරක රටවල් 05 අතරට ශ්රී ලංකාව තේරී පත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා කියා සිටියේ මේ බව Travel Off Path සඳහන් කර ඇති බවයි.
ඒ හේතුවෙන් මේ වසර අවසානයේදී ලක්ෂ පහළොවක සංචාරකයන් සමඟ මිලියන 1.5ක ආදායමක් බලාපොරොත්තු වන බවත් මේ වනවිට සංචාරකයන් වැඩි ප්රමාණයක් ශ්රී ලංකාවට පැමිණෙමින් සිටින බවත් මන්ත්රීවරයා අවධාරණය කළේය.