30 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැකි තරම් දරුවන් හදන්නැයි කිම් ජොන් උන් කඳුළු සලයි

හැකි තරම් දරුවන් හදන්නැයි කිම් ජොන් උන් කඳුළු සලයි

අඩුවන උපත් අනුපාතිකය විසඳීමට තවත් දරුවන් බිහි කරන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං උන් එරට කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.

පසුගියදා උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පැවති 05 වන ජාතික මව්වරුන්ගේ සමුළුවේ දී උතුරු කොරියානු නායකයා හඬාවැටීමෙන් මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසන්නේ 2023 වන විට උතුරු කොරියාවේ සශ්‍රීකත්ව අනුපාතය එක් කාන්තාවකට උපත් 1.8 ක් වන අතර, එය සංවර්ධිත රටවල ප්‍රතිස්ථාපන අනුපාත මිණුම් ලකුණට වඩා 2.1ක් අඩු බවයි.

මිලියන 25 ක පමණ ජනගහනයක් සිටින උතුරු කොරියාව මෑත දශක කිහිපය තුළදී මාරාන්තික සාගතය ඇතුළු බරපතල ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුණා.