30 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News13 හැවිරිදි සිසුවෙක් ගෙල වැළලාගනී - මවුලවිවරයෙක් අත්අඩංගුවට

13 හැවිරිදි සිසුවෙක් ගෙල වැළලාගනී – මවුලවිවරයෙක් අත්අඩංගුවට

කාත්තන්කුඩි ප්‍රදේශයේ 13 හැවිරිදි සිසුවෙකු වැසිකිළියේ ගෙල වැළලාගෙන සිටියදී සොයා ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ගෙල වැළලාගෙන ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ එම්.එස්. මුසාබ් නමැති 13 හැවිරිදි සිසුවෙක් බවයි.

මොහු ඊයේ (05) රාත්‍රියේ අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමර්දු පොළ පාරේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය අධ්‍යාපන මධ්‍යස්ථානයක වැසිකිලියකදී මෙලෙස ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

මියගිය සිසුවා මහරිබ් යාඥාව සඳහා නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මිතුරන් වැසිකිලිය පරික්ෂා කර ඇති අතර එහිදී දැක ඇත්තේ තම මිතුරා වැසිකිලියේ ගෙල වැළලාගෙන සිටින ආකාරයයි.

ඉන්පසු මෙම සිසුවා සයින්දමර්දු දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඇති වූ සැකය නිසා මහජනතාව රැස් වී එම මධ්‍යස්ථානයේ පාලකවරයාට පහර දීමට සූදානම් වී ඇති අතර සයින්දමර්දු පොලිසිය විසින් එම පාලක මවුලවිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාලකවරයාට එරෙහිව මේ වනවිටත් පොලිස්‌ පැමිණිලි රැසක්‌ ලැබී තිබීම විශේෂත්වයක්‌ වන අතර සිසුවාගේ මරණය සියදිවි නසා ගැනීමක්‌ නොවන බවයි ජනතාව පවසන්නේ.