― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට ඩුබායි යයි

19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට ඩුබායි යයි

ඩුබායිහි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙලෙස ජාත්‍යනතර තරගාවලියකට සහභාගී වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනමක් පනවා ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

19න් පහළ ආසියානු තරගාවලියට එක්වීමට ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (06) මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අද (06) දින අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගියා. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසින් හොබවනු ලබනවා.

වයස අවුරුදු 19න් පහළ ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ලබන 09 වනදා ජපාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.