29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIPL කණ්ඩායම් 05ක් වනිඳු ගැන අවධානයෙන්

IPL කණ්ඩායම් 05ක් වනිඳු ගැන අවධානයෙන්

ලබන 19 වනදා පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග කෙරෙහි කණ්ඩායම පහක් මේ වනවිට අවදානයෙන් පසුවන බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ වෙන්දේසියේ දී වනිඳු හසරංග තමන් සතුකර ගැනීමට මෙම කණ්ඩායම් 05 අතර උණුසුම් සටනක් නිර්මාණය වනු ඇති බවයි.

සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් යන කණ්ඩායම් මෙලෙස වනිඳු හසරංග මිල දී ගැනීම කෙරෙහි වැඩි අවදානයකින් පසුවන බව සඳහන්.

අවස්ථා දෙකකදී රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිඳු මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් මුදාහැරීමට එම කණ්ඩායම කටයුතු කළා.

ඒ අනුව ඔහුට මෙවර වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 1.5ක මූලික ලංසු මුදලක් හිමිව තිබෙනවා.