29.5 C
Colombo
Thursday, September 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමෙරිකාවේ විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක් - තිදෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකාවේ ලාස් වේගාස්හි නෙවාඩා විශ්වවිද්‍යාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීම්වලින් වෙඩික්කරුද මියගොස් ඇති අතර වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේනමුත් මෙම වෙඩි තැබීම සිදුකළ සහ මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තොරතුරක් වාර්තා වී නැහැ.