― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅලුතින් ඉදිකළ පාලම කඩා වැටී දෙදෙනෙක් රෝහලේ

අලුතින් ඉදිකළ පාලම කඩා වැටී දෙදෙනෙක් රෝහලේ

අලුතින් ඉදිකරන ලද පාලමක් කඩා වැටීමෙන් යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (07) අලුයම 5ට පමණයි මෙම අනතුර සිදුව ඇත්තේ.

කිලිනොච්චියේ, කරච්චි ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ඇති භාරතීපුරම් ගම්මානයේ මාර්ගයක ඉදිකර තිබූ පාලමක් මෙසේ කඩා වැටී තිබේ.

සෙබස්තියන් වීදිය නමින් හඳුන්වන මෙම මාර්ගය හරහා දිනකට සිය ගණනක් ජනතාව ගමන් කරති. ඉරණමඩු නගරයේ පොදු වෙළෙඳ පොළ, පාසල්, ව්‍යාපාර ඇතුළු දෛනික කටයුතු කරගෙන යාමට මාර්ගය අත්‍යවශ්‍ය වේ.

මෙම තත්ත්වය තුළ එම පාලම 2019 වසරේ කරච්චි ප්‍රාදේශීය සභාව මගින් ඉදිකරන ලද අතර එහි නඩත්තු කටයුතු 2022 වසරේදී සිදු කර ඇත.

මේ සඳහා රුපියල් ලක්ෂ 11ක් පමණ වැය වී ඇති බව ජනතාව පවසති.

අද පෙරවරුවේ රාජකාරි සඳහා යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පාලම කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සිදු වූ මෙම සිද්ධියෙන් ඇඟළුම් කම්හල් සේවකයන් රැගත් බස් රථයක් ඇතුළු වාහන ගමන් කළේ නම් එය විශාල අනතුරක් වීමට ඉඩ තිබූ බවයි ගම්වාසීන් පවසන්නේ.