යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මළ ගෙදරකට සහභාගී වී සිටි අයෙක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
ඒ සීදුව, ලියනගේමුල්ල ප්රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ඝාතනය වී ඇත්තේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ලියනගේමුල්ල ප්රදේශයේ මළ ගෙදරට සහභාගි වී සිටින අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියණු ආයුධවලින් පහරදී එම පුද්ගලයා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිද්8උ කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.