25 C
Colombo
Monday, October 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 14 දෙනෙක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 14 දෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඉන්දීය ධීවරයින් ඊයේ (06) යාපනය – නෙඩුන්දිව් වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී එම ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරබෝට්ටු 3ක් සහ ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කන්කසන්තුරය වෙත රැගෙන ආ අතර පරීක්ෂණවලින් අනතුරුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඔවුන් ප්‍රාදේශීය පොලිස් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.