24 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ඊයේ (06) පස්වරුවේ කඩා වැටී තිබූ අතර කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුවිය.

කෙසේ වෙතත් අද (07) ඔහිය – ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්ඳු හා ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය උදෑසන යථා තත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අධික මීදුම ශීතල වර්ෂාවත් මධ්‍යයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔහිය දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පීන් ,දුම්රිය සේවකයන් දියතලාව යුදහමුදා භටයන් එක්වී දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස්කදු ගල්පර්වත ඉවත් කර අද (07) උදෑසන වන විට බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.