27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තා නිරුවත් ඡායාරූප ප්‍රචාරය කළ අයෙක්ට සිර දඬුවම්

කාන්තා නිරුවත් ඡායාරූප ප්‍රචාරය කළ අයෙක්ට සිර දඬුවම්

අම්පාර ප්‍රදේශයේ කාන්තාවකගේ නිරුවත් ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ පුද්ගලයෙකුට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

සැකකරු සිය පෞද්ගලික ඡායාරූප ෆේස්බුක් වෙත ප්‍රචාරය කර ඇති බවට වින්දිත කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන අද (07) අක්කරේපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයේදී සැකකරු අධිකරණය හමුවේ අපරාධය පාපොච්චාරණය කර තිබෙනවා.

ඉන් අනතුරුව විනිසුරුවරයා විසින් එම පුද්ගලයාට වසර දෙකක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.