25 C
Colombo
Monday, November 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 6ක මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

කෝටි 6ක මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

රුපියල් කෝටි 6ක් වටිනා විෂ මත්ද්‍රව්‍ය තොගයක් සීදූව පිහිටි ‘කළම්බු කාගෝ’ නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාෂණ ආයතනය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමෙරිකාව, ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කුරියර් පාර්සල් 07ක් ලෙස එවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අද පස්වරුවේයි සොයාගෙන ඇත්තේ.

මෙම පාර්සල් තුළ කුෂ් නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 08ක්, මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක්, එක්ස්ටැසී පෙති 350ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම පාර්සල් මාස දෙකක පමණ කාලයක් අයිතිකරුවන් රැගෙන නොගොස් තිබීම නිසා එම පාර්සල්වල සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී ඒවා ව්‍යාජ ලිපින බවට කරුණු අනාවරණය වීමත් සමගයි මෙම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.