28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩුබායි රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

ඩුබායි රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බිබිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කාර්යංශයට පැමිණිලි කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින් පස් දෙනෙකුගෙන් රුපියල් 1, 993,000.00 ක මුදලක් ලබාගෙන, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවටයි.

මොහුට විරුද්ධව කාර්යාංශයට තවත් පැමිණිලි 5 ක් ලැබී ඇති අතර ඒ අනුව එම පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ පුද්ගලයා කාර්යාංශයට කැඳවූ අවස්ථාවේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.