― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනෙළුම් කුළුණේ කැරකෙන අවන්හල 09 වැනිදා විවෘත වෙයි

නෙළුම් කුළුණේ කැරකෙන අවන්හල 09 වැනිදා විවෘත වෙයි

නෙළුම් කුළුණේ පිහිටා තිබෙන කැරකෙන අවන්හල මේ මස 09 වැනිදා විවෘත කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

නෙළුම් කුළුණේ 27 වන මහලේ පිහිටා තිබෙන කැරකෙන අවහන්හල මහජනතාවට විවෘත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙම අවන්හල දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටා තිබෙන එකම කැරකෙන අවන්හල බවත් මෙම අවන්හල ආරම්භ කිරීම සංචාරක ක්ෂේත්‍රයේ වැඩිදියුණුවට ද බලපාන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම අවන්හල මේ මස 09 වැනිදා පස්වරු 7.30 ට විවෘත කිරීමට නියමිතය.

නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම සහ සිට්‍රස් සමාගම එක්ව මෙම කැරකෙන අවන්හල පවත්වාගෙන යනු ලබයි.

මෙම අවන්හල තුළ එකවර 225 දෙනකුට ආහාර ගැනීමේ හැකියාව පවතින අතර රජයේ බදු ද ඇතුළත්ව එක් අයෙකුට ආහාර වේලක් රුපියල් 7,900 සිට ලබා ගැනීමේ හැකියාව පවතින බවයි සිට්‍රස් ආයතනය පවසන්නේ.