26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය බෙදූ 'ආලා' අත්අඩංගුවට

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය බෙදූ ‘ආලා’ අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට පාසල් සිසුන්ට මත්පෙති බෙදා හැරි ‘ආලා’ නමැති තරුණයෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනව.

39 හැවිරිදි වියේ පසුවන මුහම්මද් ඉස්මයිල් අස්මිර් හෙවත් ආලා නැමැති මොහු පසුගියදා (04) රාත්‍රියේ සිදුකළ විශේෂ වැටලීමකදී පොලිස් අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබී ගංජා ග්‍රෑම් 100ක් සොයාගෙන තිබේ.

අනතුරුව නීතිමය කටයුතු සඳහා කල්මුණේ අධිකරණ විනිසුරුවරයා හමුවට පසුදා අඟහරුවාදා (5) ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු දෙසැම්බර් 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.