28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිටකොටුවේ බස් නැවතුම්පොළ දුම්රිය ස්ථානය අසළට

පිටකොටුවේ බස් නැවතුම්පොළ දුම්රිය ස්ථානය අසළට

පිටකොටුවේ ස්ථාන තුනක ඇති ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පොළවල් කොටුව දුම්රිය ස්ථානයට යාබද කරමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යෑමට රජයේ අවධානය යොමුව තිබේ.

පිටකොටුවේ පිහිටි ප්‍රධාන බස්නැවතුම්පොළවල් කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ස්ථානගත කිරීමෙන් අනතුරුව එම ඉඩම් වාණිජමය කටයුතුවලට යොදා ගැනීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.

මැනිං වෙළෙඳ සංකීර්ණය පිහිටි ස්ථානයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට මේ වනවිට ශක්‍යතා අධ්‍යයන සිදු කර ඇති බවත් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන ආකාරයට බස් රථ නතර කර තැබිය හැකි වන පරිදි මෙම ස්ථානය ගොඩනඟන බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවයි.