24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමව් සෙනෙහස මුදලට විකුණූ මවක් අත්අඅඩංගුවට

මව් සෙනෙහස මුදලට විකුණූ මවක් අත්අඅඩංගුවට

තම ලෙයින් උපන් නිවුන් දරුවන් දෙදෙනා මුදලට අලෙවි කළ කාන්තාවක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු රාගම පොලිසිය විසින් අද (07) අත්අඅඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඅඩංගුවට ගෙන ඇත්තේ ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට අලෙවි කළ පිළියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන් මිලදී ගෙන තිබූ කාන්තාවන් දෙදෙනෙකි.

පොලීසිය පැවසුවේ නිවුන් දරුවන්ගේ තරුණ මව සහ එක් දරුවෙක් මිලදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත්, අනෙක් දරුවා මිලදී ගත් කාන්තාව කැළණිය ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බවයි.

රාගම ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර සේවයේ යෙදී සිටි අදාළ මව මීට සතියකට ඉහත කොළඹ කාසල් මාතෘ රෝහලේදී මෙම නිවුන් දරුවන් ප්‍රසූත කර තිබෙනවා.