26.1 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලබන වසරේ විදුලි බිල අඩු වෙයි

ලබන වසරේ විදුලි බිල අඩු වෙයි

ලබන වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩු වෙතැයි අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

අපි හැමෝම දන්නවා පසුගිය අවුරුද්දකට කලින් මේ රටේ මොකක්ද වුණේ කියලා. පැය 13 ක් විදුලිය කපා දැමූ රටක්. ඉන්ධනවල ගැටළුවක් තිබුණා. අත්‍යාවශ්‍ය බෙහෙත්වල ගැටළුවක් තිබුණා. දැන් ක්‍රමානුකූලව රට ස්ථාවර වෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා ජනවාරී, පෙබරවාරී මාසය වන විට විදුලි බිල අඩු කරන්න ලැබෙයි කියලා”